Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

11th March 2023 23:47:16 Hours

රුවන් වැලි මහා සෑ රදුන්ගේ වැලි මළුව වෙත වැලි ඇතිරීමේ පුජෝත්සවය

අනුරාධපුර රුවන් වැලි මහා සෑ රදුන්ගේ වැලි මළුවෙහි වැලි ඇතිරීමේ පුජෝත්සවය 2023.03.03 04 හා 05 යන දිනයන් හිදි රුවන් වැලි මහා සෑ රදුන් අභියසදි පවත්වන ලද අතර ඒ සදහා ආරක්‍ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් චම්පක රණසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත 21 පාබල සේනාංක මුලස්ථානය හා යටතේ ඇති /බසේමු ඒකකයන් හි භඨ පිරිස් හා ඉදිරි නඩත්තු පෙදස (උතුරුමැද) භඨ පිරිස් 250ක් මෙම පුජෝත්සවය සදහා දායකත්වය ලබාදෙන ලදි. මෙහිදී පුරා දින 03 ක් මුළුල්ලේ වැලි කියුබි 400 කට අධික ප්‍රමාණයක් පිරිසිදු කොට සමිපුර්ණ වැලි මළුව ආවර්ණය වන සේ වර්ග මිටර් 400 කට අයත් ප්‍රදේශයකට වැලි අතුරන ලදි.