Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

23rd January 2023 22:50:38 Hours

තෛපොන්ගල් උත්සවයට සමගාමීව සංස්කෘතිකමය ප්‍රසාංගික වැඩසටහනක් සංවිධානය කිරීම.

65 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඊඒඩිපි එදිරිසිංහ පිඑස්සි ගේ මඟපෙන්වීම යටතේ සහ 651 පාබල බලසේනාධිපති බිගේඩියර් කේඑමිඩබි බංඩාර ආර්එස්පි සහ 17 වන බලඇණියේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් යුද්ධ හමුදාව සහ සිවිල් වැසියන් අතර සහජීවනය වර්ධනය කරමින් මෙම උත්සවය සංවිධානය කරන ලදී. 2023 ජනවාරි 18 තෛපොංගල් දිනයට සමගාමීව පවත්වන ලදී.

651 වන සේනාංකාධිපති ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර බලසේනාවේ කාර්ය මණ්ඩලය, අණදෙන නිලධාරි සහ 17 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල භට පිරිස්, ගුරුවරුන්, තෙරන්කන්දල් දෙමළ මහා විද්යාාලයේ සිසුන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය. සහභාගි වූ පාසල් සිසුන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම ද සිදු විය.