Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

23rd January 2023 22:45:03 Hours

පාසල් ක්‍රීඩා ගුරුවරුන් සදහා කඹ ඇදිමේ ක්‍රීඩාව හදුන්වාදිමේ වැඩසටහනක් පැවැත්විම

කඹ ඇදිමේ ක්‍රීඩාව පාසල් වෙත හදුන්වා දි ක්‍රීඩා කණ්ඩායමි ආරමිභ කිරිම සදහා උතුරුමැද පලාත් අධ්යාභපන දෙපාර්තමෙන්තුවේ සමිබන්ධතාවයෙන් පොලොන්නරුව හිගුරක්ගොඩසහ දිඔුලාගල කළාප අධ්‍යාපන කාර්යාල යටතේ පාලනය වන පාසල් වලට අයත් ක්‍රීඩාඩා උපදේශකයින් හා ක්‍රීඩා ගුරුවරුන් 77දෙනෙකු වෙනුවෙන් කඹ ඇදිමේ පුහුණු වැඩසටහනක්,පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදි 2023.01.19 දින පවත්වන ලදි. එම පුහුණු වැඩමුලුව සදහා පොළොන්නරුව කළාප ක්‍රීඩා අධ්‍යක්ෂක කේකේසිඩි පොරොවගම මහතාමෙන්ම යුද්ධ හමුදා හා ජාතික කඹ ඇදිමේ කණ්ඩායමේ සාමාජිකයින් සහභාගි වන ලදි.

මෙම වැඩසටහන 62 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ජාතික කඹ ඇදීමේ සම්මේලනයේ සභාපති මේජර් ජෙනරාල් ජානක රණසිංහ ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. තවද මෙම වැඩසටහන සදහා සහභාගි වු සියලු පාසල් ක්‍රීඩා උපදේශකයින් හා ක්‍රීඩා ගුරුවරුන් වෙත සහතික පත් ප්‍රධානය කරන ලද අතර, එම අවස්ථාවට සදහා යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද සහභාගිවන ලදි.