Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

23rd January 2023 10:50:18 Hours

නද්දන්කන්දල් රජයේ දමිල මිශ්‍ර පාසල් බැඩ්මින්ටන් පිටියක් ඉදිකිරීම

65 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඊඒඩීපී එදිරිසිංහ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන්ගේ උපදෙස් මත 652 පාබල බළසේනාවේ බළසේනාධිපති තුමන්ගේ අධීක්ෂණය යටතේ 652 පාබල බසේමූ භඨ පිරිස්ගේ ශ්‍රම දායකත්වයෙන් නඩ්ඩන්කණ්ඩාල් රජයේ දමිල මිශ්‍ර පාසලෙහි ඉදිකරනු ලැබු බැඩ්මින්ටන් ක්‍රීඩා පිටිය 2023.01.18 වන දින සිසු අයිතියට පත් කරන ලදී.

එම උත්සව අවස්ථාව සදහා 65 පාබල සේනාංකයේ සේනාංකාධිපත් මේජර් ජෙනරල් ඊඒඩීපී එදිරිසිංහ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්, 652 පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති බ්රිිගේඩියර් ඩබ්ඒයුඑස් වනසේකර ආර්ඩබ්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්, මාන්තෙයි (නැ) ප්‍රාදේශිය ලේඛම්තුමිය සහ 652 පාබල බසේමූ නිලධාරීන් සහ සෙසුනිලියින් සහභාගී විය.