Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

22nd January 2023 09:09:07 Hours

පාසල් ක්‍රීඩා ගුරුවරුන් සදහා කඹ ඇදිමේ ක්‍රීඩාව හදුන්වාදිමේ වැඩසටහනක් පැවැත්විම

ක්‍රීඩා ඇදිමේ ක්‍රීඩාව පාසල් වෙත හදුන්වා දි ක්‍රීඩා කණ්ඩායමි ආරමිභ කිරිම සදහා උතුරුමැද පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සමිබන්ධතාවයෙන් ගලෙන්බිදුනුවැව කළාප අධ්‍යාපන කාර්යාල යටතේ පාලනය වන පාසල් වලට අයත් ක්‍රීඩා උපදේශකයින් හා ක්‍රීඩා ගුරුවරුන් 49 දෙනෙකු වෙනුවෙන් කඹ ඇදිමේ පුහුණු වැඩසටහනක්, ගලෙන්බිදුනුවැව කළාප අධ්‍යාපන කාර්යාලයේදි 2023.01.18 දින පවත්වන ලදි. එම පුහුණු වැඩමුලුව සදහා ගලෙන්බිදුනුවැව කළාප ක්‍රීඩා අධ්‍යක්ෂක පි ජි ජයසේකර මහතා මෙන්ම යුද්ධ හමුදා හා ජාතික කඹ ඇදිමේ කණ්ඩායමේ සාමාජිකයින් සහභාගි වන ලදි.

මෙම වැඩසටහන 62 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ජාතික කඹ ඇදීමේ සම්මේලනයේ සභාපති මේජර් ජෙනරාල් ජානක රණසිංහ ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. තවද මෙම වැඩසටහන සදහා සහභාගි වු සියලු පාසල් ක්‍රීඩා උපදේශකයින් හා ක්‍රීඩා ගුරුවරුන් වෙත සහතික පත්‍ර ප්‍රධානය කරන ලද අතර, එම අවස්ථාවට සදහා යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද සහභාගිවන ලදි.