Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

13th January 2023 19:17:22 Hours

මුදල් තැම්පත් කරන යන්ත්‍රයේ තිබි හමුවු මුදල් හිමිකරු හට භාරදීම

62 වන පාබල සේනාංකයේ 623 පාබල බලසේනාව යටතේ පාලනය වන 5 (සෙව්) ගජබා රෙජිමේන්තුවේ රාජකාරි කරනු ලබන ලා/කෝප්‍රල් දීරසිංහ R K D S හට 2023 ජනවාරි 11 වන දින හොරොව්පතාන මහජන බැංකුවේ මුදල් තැම්පත් කරන යන්ත්‍රයේ තිබී රුපියල් 70,400.00 මුදල් ප්‍රමාණයක් හමුවි ඇත. පසුව ඒ පිළිබද ඒකක අණදෙන නිලධාරි මේජර් දම්මික හේරත් යන නිලධාරි දැනුවත් කිරිමෙන් පසු 623 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් රංජිත් බූදාගොඩ ගේ උපදෙස් මත හොරොව්පොතාන මහජන බැංකුවේ කළමනාකාරවරයාට දැනුම් දීමෙන් පසු එම මුදල් ප්‍රමාණය හිමිකරුට භාර දෙන ලදී. මුදල් හිමිකරු වන ජව්ෆර් මොහමඩ් මුසව්ෆිර් මහතා විසින් මෙම ආදර්ශවත් ක්‍රියාව ඉතා අගය කළ අතර ප්‍රදේශයේ සිවිල් වැසියන් කෙරෙහි දක්වන සහයෝගය වෙනුවෙන් ඔහු ස්තූති කළේය.