Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

13th January 2023 19:00:00 Hours

පාසල් සිසුන් සදහා පාසල් බෑග් සහ පාසල් උපකරණ ප්‍රධානය කිරීම

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පි එන්ඩීසී පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි සහ 541 පාබල බළසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ එම් ඩී එස් මුණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පීඑස්සි අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධීක්‍ෂණය හා මග පෙන්වීම මත මෙම පාබල බසේමු යටතේ ස්ථාපිත 12 (සෙව්) ශ්‍රීලකාහ ඒකක බලප්‍රදේශයේ පිහිටි මන්/කල්ලියඩි ආර්සීටීඑම් විදුහලේ සිසුන් 26 දෙනෙකු වෙත සහ 10 (සෙව්) ගැහේබ ඒකක බලප්‍රදේශයේ පිහිටි මන්/නොච්චිකුලම් ආර්සීටීඑම් විදුහලේ සිසුන් 25 දෙනෙකු වෙත පාසල් බෑග් සහ පාසල් උපකරණ ප්‍රධානය කිරීමේ වැඩසටහනක් 2023.01.09 වන දින 10 (සෙව්) ගැහේබ ඒකක මූලස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේදි පවත්වන ලදි. මෙම සත්කාරය සදහා ගාල්ල රිච්මන්ඩ් විදුහලෙහි විද්‍යා අංශයේ විදුහල්පති සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් රොහාන් විජේසිංහ, රුමේෂ් සහ මයිකල් උබයසිරි, මීගමුවේ ඩීඒස් පීලික්ස් යන මහත්මාවරුන් සහ මහජන බැංකුව වැලිකන්ද ශාඛාව වෙතින් මූල්‍ය අනුග්‍රයකත්වය දරන ලදි.

තවද, මෙම අවස්ථාව සදහා සේනාංකාධිපති 54 පාසේමු, බලසේනාධිපති 541 පාබසේමු, කර්නල් සම්බන්ධීකරණ නිලධාරී 54 පාසේමු, අණදෙන නිලධාරි 12 (සෙව්) ශ්‍රීලකාහ, අණදෙන නිලධාරි 10 (සෙව්) ගැහේබ ඇතුලු නිළධාරින් සහ මන්නාරම සහ මඩු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, ගුරුවරුන් සහ දෙමාපියන් පිරිසක් සහභාගි වන ලදි.