Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

07th January 2023 02:48:55 Hours

පාසල් ක්‍රීඩා ගුරුවරුන් සදහා කඹ ඇදිමේ ක්‍රිඩාව හදුන්වාදිමේ වැඩසටහනක් පැවැත්විම

කඹ ඇදිමේ ක්‍රීඩාව පාසැල් වෙත හදුන්වා දි ක්‍රීඩා කණ්ඩායම් ආරම්භ කිරිම සදහා උතුරුමැද පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සම්බන්ධතාවයෙන් අනුරාධපුර කළාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් වලට අයත් ක්‍රිඩා උපදේශකයින් හා ක්‍රිඩා ගුරුවරුන් 58 දෙනෙකු වෙනුවෙන් කඹ ඇදිමේ පුහුණු වැඩසටහනක්, තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය - උතුරු මැද පළාත අනුරාධපුරහිදි 2023.01.04 දින පවත්වන ලදි. එම පුහුණු වැඩමුලුව සදහා අනුරාධපුර කළාප ක්‍රිඩා අධ්‍යක්ෂක කරුණාරත්න බංඩාර මහතා හා යුධ හමුදා හා ජාතික කඹ ඇදිමේ කණ්ඩායමේ සාමාජිකයින් සහභාගි වන ලදි.

මෙම වැඩසටහන 62 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ජාතික කඹ ඇදීමේ සම්මේලනයේ සභාපති මේජර් ජෙනරාල් ජානක රණසිංහ ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙම වැඩසටහන සදහා සහභාගි වු සියලු පාසල් ක්‍රීඩා උපදේශකයින් හා ක්‍රීඩා ගුරුවරුන් වෙත සහතික පත්‍ර ප්‍රධානය කරන ලද අතර, එම අවස්ථාවට අනුරාධපුර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම්එම් හෙටිටිආරචිචි මහත්මිය හා යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගිවන ලදි.