Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

05th January 2023 07:03:55 Hours

62 පාබල සේනාංක මුලස්ථානයේ 2023 නව වර්ෂයේ පළමු දින වැඩ ආරම්භ කිරිම

62 වන පාබල සේනාංකයේ 2023 නව වර්ෂයේ පළමු දින වැඩ ආරම්භ කිරිම ජාතික ධජය හා සේනාංක ධජය එසවීමෙන් පසු ජාතික ගීය සහ යුධ හමුදා ගීතය ගායනා කිරීමෙන් ආරම්භ කිරිම 62 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජානක රණසිංහ හා කර්නල් ප්‍රමානි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.

ඉන් අනතුරුව, සියලු නිලයන් විසින් ‘රාජ්‍යය සේවයේ ප්‍රතිඥාව දිවුරුම් දීම’ සිදු කෙරුණු අතර, අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නව අවුරුදු පණිවිඩය සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් වෙත ඉදිරිපත් කරන ලදී. තවද, 62 වන සේනාංකයේ සියලුම නිළයින් සඳහා තේ පැන් සංග්‍රහයක් ද සංවිධානය කර තිබූ අතර, සවස් වරුවේ සුහද වොලිබෝල් තරඟයක් 62 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන්, සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.