Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

05th January 2023 07:01:39 Hours

20 ගජබා රෙජිමේන්තුවේ බලඇණි පුහුණුවීම් ආරම්භ කිරිම

20 වන ගජබා රෙජිමේන්තුවේ බලඇණි පුහුණු පාඨමාලාව 2023 ජනවාරි 04 වන දින 62 පාබල සේනාංක බලඇණී පුහුණු පාසල කල්‍යාණිපුර හි දි ආරම්භ කරන ලදි. පාඨමාලාවේ ආරම්භක දේශනය ආරක්ෂක සේනා වන්නි ආඥාපති මේජර් ජෙනරාල් චම්පක රණසිංහ විසින් සිදු කරන ලද අතර, එම අවස්ථාව සදහා 622 පාබල බලසේනාවේ බලසේනාධිපති, ප්‍රධාන උපදේශක හා ආරක්ෂක සේනා මුලස්ථානයේ මෙන්ම 62 වන පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගිවන ලදි. 20 ගජබා රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් ගේ සහභාගීත්වයෙන් මෙම පාඨමාලාව 2023 ජනවාරි 04 සිට 2023 පෙබරවාරි 23 දක්වා පැවැත්වීමට නියමිතය. තවද ආරම්භක දේශනයෙන් අනතුරුව තේ පැන් සංග්‍රහක් පැවැත් වු අතර, එහිදි වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති විසින් සියළුම නිලයන් සමග අදහස් හුවමාරු කර ගන්නා ලදී.