Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

03rd January 2023 19:07:58 Hours

පාසල් ක්‍රීඩා ගුරුවරුන් සදහා කඹ ඇදිමේ ක්‍රීඩාව හදුන්වාදිමේ වැඩසටහනක් පැවැත්විම

කඹ ඇදිමේ ක්‍රීඩාව පාසැල් වෙත හදුන්වා දි ක්‍රීඩා කණ්ඩායම් ආරම්භ කිරිම සදහා උතුරුමැද පලාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුවේ සම්බන්ධතාවයෙන් කැබිතිගොල්ලෑව කළාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් වලට අයත් ක්‍රීඩා උපදේශකයින් හා ක්‍රීඩා ගුරුවරුන් 40 දෙනෙකු හා 62 පාබල සේනාංක බලප්‍රෙද්ශයේ යුද්ධ හමුදා ශාරිරික අභ්‍යාස උපදේශකයින් 28 දෙනෙකු වෙනුවෙන් කඹ ඇදිමේ පුහුණු වැඩසටහනක් 5 (සෙවි) ගරෙ ඒකක මුලස්ථානයේදි 2022.12.29 දින පවත්වන ලදි.

මෙම වැඩසටහන 62 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ජාතික කඹ ඇදීමේ සම්මේලනයේ සභාපති මේජර් ජෙනරාල් ජානක රණසිංහ ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙම වැඩසටහන සදහා සහභාගි වු සියලු පාසල් ක්‍රීඩා උපදේශකයින් ක්‍රීඩා ගුරුවරුන් වෙත සහතික පත්‍රයක් ප්‍රධානය කරන ලද අතර, එම අවස්ථාවට කැබිතිගොල්ලෑව අධ්‍යාපන කාර්යාලයේ සංවර්ධන අධ්‍යක්‍ෂක සම්පත් දිසානායක මහතා හා 5 (සෙව්) ගරෙ අණදෙන නිලධාරි ඇතුලු යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගිවන ලදි.