Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

01st January 2023 16:54:03 Hours

මනුසත් දෙරණ ව්‍යාපෘති මාලාව යටතේ කිරිඉබ්බන්වැව මහා විද්‍යාලයේ සුහුරු පංති කාමර විවෘත කිරිමේ වැඩසටහන

622 පාබල බසේමු බලප්‍රද්ශය තුල පිහිටා ඇති මු/කිරිඉබිබන්වැව මහා විද්‍යාලයෙහි ඉගෙනුම ලබන පාසල් ළමුන් සදහා දෙරණ මාධ්‍ය ජාලය වෙතින් සුහුරු පංති කාමර විවෘත කිරිමේ වැඩසටහනක් 2022 දෙසැම්බර් මස 28 වන දින සිදුකරන ලදි.

මෙම අනගිභවනීය මෙහෙවර 62 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජානක රණසිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ උපදෙස්, මග පෙන්විම යටතේ සහ 622 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍ර්ගේඩියර් ඉනෝජ් හේරත් ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ පුර්ණ අධික්ෂණය යටතේ 9 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරිගේ සංවිධානයෙන් යුතුව සිදුකරන ලදී.

මෙම ව්‍යාපෘතිය සදහා පුර්ණ මූල්‍ය අනුග්‍රහය මනුසත් දෙරණ ව්‍යාපෘති සභාපති මහේෂ් ජයවර්ධන මහතා, අරුණ සොයිසා මහතා, හර්ෂණ ජයරත්න මහතා, නදිෂා දිල්රුක්ෂි මහත්මිය, ප්‍රයමාල් කුරේ මහතා, තමර දේෂාන් මහතා සහ දිනුක ප්‍රසාද් මහතා ඇතුලු කණ්ඩායම විසින් සිදුකරන ලදී.