Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

29th December 2022 12:14:38 Hours

නත්තල් උත්සවය සැමරීම නච්චිකුඩා ශුද්ධාත්මක දෙව්මැදුර

ප්‍රදේශයේ ජීවත්වන කතෝලික ජනතාව හා යුද්ධ හමුදාව අතර සංහිදියාව වර්ධන කිරීමේ අරමුණින් ශුද්ධාත්මක දෙව්මැදුර, නචිච්කුඩා, කිලිනොච්චි යන ලිපිනයේ පිහිටා ඇති කතෝලික දේවස්ථානයේ පැවැත්වූ නත්තල් කැරොල් ප්‍රසංගය සදහා 651 පාබල බළසේනා මුලස්ථානය සම්බණ්ධීකරන කටයුතු කිරීමෙන් දායකත්වය ලබා දුනි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 651 පාබල බළසේනාධිපති බ්‍ර්ගේඩියර් වසන්ත බණ්ඩාර යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගි වන ලදී. මෙම වැඩසටහන සදහා ප්‍රදේශයේ ළමුන් විසින් විචිත්රසවත් අංගයන් ඉදිරිපත් කරන ලද අතර, එම උත්සවය අලංකාර කර ගැනීම සදහා 17 (සෙව්) ශ්‍රීලපාහ ඒකක අදිරිත්ම සංගිත කණ්ඩායම දායකත්වය ලබාදි ඇත.