Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

27th December 2022 20:59:49 Hours

පාදයක් අහිමි හිටපු එල්ටීටීඊ සමාජිකයෙකු වෙත නවතමයෙන් ඉදිකරන ලද නාන කාමරයක් සහිත වැසිකිළි පද්ධතියක් ඉදිකර දීම

541 පාබල බසේමු බළසේනාධිපති බ්‍ර්ගේඩියර් එම්ඒඩීඑස් මුණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පීඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ 541 පාබල බසේමු යටතේ පාලනය වන 12 (සෙව්) ශ්‍රීලකාහ ඒකකයේ අණදෙන නිලධාරීගේ අධික්ෂණය යටතේ එම ඒකක භඨපිරිස්හී ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද නව නාන කාමරයක් සහිත වැසිකිළි පද්ධතිය මූන්දම්පිඩ්ඩි - මන්නාරම ලිපිනයේ පදිංචි පාදයක් අහිමි හිටපු එල්ටීටීඊ සමාජිකයෙකු වන සේවියර් ඇන්තනි සිල්වෙස්ටර් යන අය වෙත භාරදීම 2022.12.25 වන දින 541 පාබල බසේමු බළසේනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.

මෙම නාන කාමරයක් සහිත වැසිකිළි පද්ධතිය ඉදිකිරීම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදීම 541 පාබල බසේමු සහ 12 (සෙව්) ශ්‍රීලකාහ ඒකකය වෙතින් සිදුකරන ලදි. එසේම මෙම නාන කාමරයක් සහිත වැසිකිළි පද්ධතිය නිවැසියන් වෙත භාරදීමට සමගාමීව ඔවුන් හට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු වියළි ආහාර ද්‍රව්‍ය සහ විශ්වවිද්‍යාලය වෙත තේරි පත්වී ඇති දියණියට මූල්‍යමය ආධාර ලබාදීමද බළසේනාධිපති තුමන් ඇතුළු පවුලේ සමාජිකයින් විසින් සිදුකරන ලදි.

නවතමයෙන් ඉදිකරන ලද මෙම නාන කාමරයක් සහිත වැසිකිළි පද්ධතිය භාරදීම සහ වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් ලබාදීමේ වැඩසටහන සදහා 541 පාබල බසේමු බළසේනාධිපති තුමන් ඇතුළු පවුලේ සමාජිකයින් සමග 12 (සෙව්) ශ්‍රීලකාහ ඒකක දෙවන අණදෙන නිලධාරි සහ නිලධාරීන් ඇතුලු යුද්ධ හමුදා සාමාජිකයින් සහභාගි වූ අතර, මෙය අබාධිත හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගේ සුභසාධනය පිණිස මෙම බළසේනාව විසින් සිදුකරන ලද තුන්වන වැඩසටහන වේ