Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

11th December 2022 16:53:12 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) මුලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙත නව නිවසක්

මේජර් ජෙනරල් සි ඩි රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ආරක්ෂක සේනා ආඥාපති (වන්නි) සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන නිවාස අවශ්‍යතා සහිත අඩු අදායම්ලාභි පවුල් වෙත නව නිවාස ඉදිකිරිමේ ප්‍රජාසත්කාරක ව්‍යාපෘතියේ තවත් පියවරක් වශයෙන් 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් ජි පි එම් කාරියවසම් ආර්එස්පි එන්ඩිසි පිඑස්සි අයිජි උපදෙස් පරිදි 562 පාබල බළසේනා මුළස්ථානයේ බළසේනාධිපති ජේ එම් ඒ ජයසේකර ආර්එස්පී යුඑස්පී අධික්ෂණය යටතේ 17 වන (සෙව්) සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි මේජර් ජි ඩබ්ලිව් ඒ එස් එල් ද අල්විස් ඇතුලු එම ඒකකයේ නිළධාරි සෙසුනිළයින්ගේ පුර්ණ කැපවිම හා ශ්‍රම දායකත්වය මත වව්නියාව 217 රාසේන්ද්‍රකුලම් ග්‍රාම නිළධාරි වසමට අයත් අඩුආදායම්ලාභි පවුලක් වන එස් ශාන්තා මහත්මිය හා ඇයගේ පවුල වෙනුවෙන් ආරක්ෂක සේනා ආඥාපති (වන්නි) මේජර් ජෙනරල් සි ඩි රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී මැදිහත් විම මත වව්නියාව දිස්ත්‍රික් ලේකම් පි ඒ සරත්චන්ද්‍ර මහතාගේ උපදෙස් පරිදි වව්නියාව ප්‍රාදේශිය ලේකම් එන් කමලදාසන් මහතා විසින් වෙන්කර දෙනු ලැබු රජයට අයත් පර්චස් 40 ක් වු ඉඩම් කොටසෙහි අංග සම්පුර්ණ නව නිවසක් ඉදිකර 2022.12.09 වන දින උත්සවකාරයෙන් භාරදිම් සිදුකරන ලදි.

මෙම ප්‍රජාසත්කාරක වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක සේනා ආඥාපති (වන්නි) මේජර් ජෙනරල් සි ඩි රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් සාම්ප්‍රදායික චාරිත්‍රානුකුලව ආගමිකවතාවත් සිදුකර පොල්තෙල් පහන දල්වා සමරු පලකය නිවාරණය කිරිමෙන් අනතුරුව නිවසේ යතුර නිවාසලාභි පවුල වෙත ප්‍රධානය කරන ලදි. මෙම උත්සවය සදහා 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච් ජි පි එම් කාරියවසම් ආර්එස්පි එන්ඩිසි පිඑස්සි අයිජි, වව්නියාව ප්‍රාදේශිය ලේකම් එන් කමලදාසන් මහතා, 561, 562 හා 563 පාබල බලසේනා බලසේනාධිපතිවරුන්, අණදෙන නිළධාරිවරුන්, ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරිවරුන් මෙන්ම නිවස ඉදිකිරිම සදහා අනුග්‍රාහක දායකත්වය ලබාදුන් පරිත්‍යාගශිලින්, නිවාසලාභි පවුලේ ඥාතින් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවන ලදි. එමෙන්ම 17 වන (සෙව්) සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ජි ඩබ්ලිව් ඒ එස් එල් ද අල්විස් ඇතුලු නිලධාරින් සහ නිවස ඉදිකිරිම් සදහා දායකත්වය දැක්වු සෙසුනිළයින් සදහා ත්‍යාග පිරිනැමිමෙන් අනතුරුව උත්සවයේ වැඩ කටයුතු සමාප්ත කරන ලදි.