Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

28th November 2022 10:30:41 Hours

පාකිස්ථාන මහ කොමසාරිස්වරයාගේ 54 පාබල සේනාංක සංචාරය

ශ්‍රී ලංකාවේ පකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි, Hi (M), 2022 නොවැම්බර් මස 24 වැනි දින මන්නාරම ප්‍රදේශයේ සිදු කරන ලද සංචාරය අතරතුරදී තල්ලඩි ප්‍රදේශයේ පිහිටි 54 පාබල සේනාංක මූලස්ථානය සංචාරය කරන ලද අතර, එතුමාණන්, 543 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දික හරස්ගම ජ්‍යෙෂ්ඨ නිළධාරී සහ 54 වන පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිළධාරී කර්නල් කණිෂ්ක ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් සාදරයෙන් පිළිගන්නා ලදි. ශ්‍රී ලංකාවේ පකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස්වරයා 54 පාබල සේනාංකය විසින් පිළිගන්වන ලද තේ පැන් සංග්‍රහය සදහා සහභාගී වූ අතර, ඒ සදහා පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය ලේකම්වරියද සහභාගී වන ලදි.