Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th November 2022 19:54:29 Hours

දිළිදු අසරණ පවුලක් වෙත නව නිවසක්

653 පාබල බසේමු බළ ප්‍ර්යේ ජනතාවගේ සමාජතත්ත්වය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීමේ අරමුණින් මඩුපෙරියපණ්ඩිරිච්චාන් ප්‍රදේශයේ පදිංචි රාසුකාලිඅම්මා මහත්මිය වෙනුවෙන් ස්ථිර නිවසක් ඉදිකිරීම 2022 සැප්තැම්බර් 09 වන දින ආරම්භ කරන ලදී. ආසේමු (වන්නි) ආඥාපති මේජර් ජෙනරල් සිඩි රණසිංහ ආර්ඩබිලිවිපි ආර්ඒස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්විම යටතේ සහ 65 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඊ ඒ ඩි පි එදිරිසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 653 පාබල බසේමු බළසේනාධිපති බ්‍ර්ගෙඩියර් ඩිඑන්සි සේරසිංහ ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණයෙන් 24 වන ගජබා රෙජිමේන්තුවේ සෙබළුන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලදී.

රාසුකාලිඅම්මා මහත්මි යස්වයං රැකියා නියුක්තියක් වන අතර ඇය 11 හැවිරිදි දියණිය, අවුරුදු 8ක පුතු සහ මව සමඟ කුඩා නිවසක ජීවත්වූවාය. ඇගේ ආදරණීය සැමියා මීට වසර කිහිපයකට පෙර මිය ගොස් ඇත. රජයේ මුල්යා ආධාර මත නවනිවසක් ඉදිකිරීම සිදුකරන ලදි.

නිවසේ යතුර ප්රබදානය කිරීමේ ආකර්ශනීය උත්සවයක් 2022 නොවැම්බර් 17 වන දින පෙරියපණ්ඩිරිච්චාන් ගම්මානයේදී පැවැත්වූ අතර, නිවසේ යතුර ප්‍රතිලාභීන්වෙත ප්‍රදානය කිරීම ආසේමු (වන්නි) ආඥාපති මේජර් ජෙනරල් සිඩි රණසිංහ ආර්ඩබිලිවිපි ආර්ඒස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී 65 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඊ ඒ ඩි පි එදිරිසිංහ පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි 653 පාබල බසේමු බළසේනාධිපති බ්රිිගෙඩියර් ඩිඑන්සි සේරසිංහ ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි 653 පාබල බසේමු සිවිල් සම්බන්ධිකරණ නිළධාරි ලුතිතන් කර්නල් ජිඩිඒපි ගනේහිආරච්චි අණදෙන නිලධාරි 24 ගරෙ මේජර් ඩබ්ලිව්ඩිඒ උදය කුමාර ගරෙ සහ ප්‍ාදේශීය ලේකම් මධු - කේ එන් මධුරා මහතාද සහභාගීවිය.

නිවසට අත්‍ය්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක්, අත්‍ය්‍යවශ්‍ය වියළි සලාක මල්ලක් සහ රාසුකාලිඅම්මා මහත්මියගේ දරුවන් සඳහා පොත්පත්, බෑග් ඇතුළු පාසල් උපකරණ ප්‍රදානය කිරීම මෙහිදී සිදුවිය.