Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

16th November 2022 02:08:12 Hours

විඥානකුලම් ගම්මානයේ පිහිටා ඇති විඥානකුලම් නවරත්නම් විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු/සිසුවියන් සඳහා ත්‍යාග ප්‍රධානය කිරීමේ වැඩසටහනක්

මෙම පාබල බසේමු බළප්‍රදේශයේ සින්නඅඩප්පන් ග්‍රාම නිලධාරි වසමට අයත් විඥානකුලම් ගම්මානයේ පිහිටා ඇති විඥානකුලම් නවරත්නම් විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු/සිසුවියන් වෙත ජාතික බිම් බෝමිබ සඳහා වූ ක්‍රියාකාරී මධ්‍යස්ථානය කිලිනොච්චියෙහි ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරි වන ඕ ඒ එන් ඩී ඕ ඉද්දමල්ගොඩ මහතාගේ ධන පරිත්‍යාගයෙන් යුතුව පොත් පාර්සල් 30 ක් හා තොප්පි 20 ක් ප්‍රධානය කිරීමේ වැඩසටහනක් හා බිම් බෝම්බ, බිම් වෙඩිකෙත් වල අවදානම පිළිබඳ දේශනයක් පැවැත්වු අතර ඒ සඳහා සහභාගි වු සියළු දෙනා හට කෙටි ආහාර වේලක් ලබා දීම 2022.11.11 වන දින සිදුකරන ලදි.

තවද එම වැඩසටහන සඳහා 16 ශ්‍රිලංසිරෙ ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේ ආර් පෙරේරා ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළුව නිලධාරින් දෙදෙනෙකු, ජාතික බිම් බෝම්බ සඳහා වූ ක්‍රියාකාරී මධ්‍යස්ථානය කිලිනොච්චියෙහි ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරි වන ඕ ඒ එන් ඩී ඕ ඉද්දමල්ගොඩ මහතා ඇතුළු නිලධාරින් හා සෙසුනිලයින් සහභාගී විය.