Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

27th October 2022 22:53:23 Hours

ලෝක ළමා දිනයට සමගාමීව පෙර පාසල් ළමුන්ගේ වැඩසටහන් සිදුකිරිම

65 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඊ ඒ ඩි පි එදිරිසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම මත 653 පාබල බසේමු බලසේනාධිපති ගේ අධීක්‍ෂණයෙන් යුතුව 24 ගරෙ ඒකකය වෙතින් ලෝක ළමා දිනයට සමඟාමීව පෙරියපණ්ඩිවිරිච්චාන් (නැ) හි ක්‍රිස්ටා කින් පෙර පාසලේ සිසුන් 24 දෙනෙකු සඳහා කෙටි ආහාර ලබාදීම, පාසල් පොත් සහ පාසල් ලිපි ද්‍රව්‍ය 2022.10.03 දින සිදුකරන ලදි.

මෙම වැඩසටහන 24 ගරෙ ඒකක අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිවි ඩී ඒ උදයකුමාර විසින් සංවිධානය කර සම්බන්ධීකරණය කරන ලද අතර, 24 ගරෙ ඒකක දෙවන අණදෙන නිලධාරි - මේජර් පී ජී එස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී මෙම අවස්ථාවට සහභාගී වන ලදි.