Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

25th September 2022 20:05:05 Hours

වව්නියාව දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති රජයේ සිංහල පාසල් වල අධ්‍යාපනය හදාරනු ලබන පාසල් සිසු දරු දැරියන් 200ක් සදහා නොමිලේ පාසල් පොත් කට්ටල 200 ක් ප්‍රධානය කිරිමේ වැඩසටහනක් පැවැත්වීම

ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් සී ඩි රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ගේ ප්‍රජාසත්කාරක වැඩසඩහනකට අනුව 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මග පෙන්වීම මත 562 පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ මහජන බැංකුවේ බෞද්ධ සංගමයේ පරිත්‍යාගයෙන් 2022.09.10 වන දින පැරකුම් මධ්‍ය මහ විද්‍යාලයේ පොත් බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කල අතර එදින වව්නියාව ප්‍රදේශයේ රජයේ සිංහල පාසල් 05 ක අධ්‍යාපනය හදාරනු ලබන සිසු දරුදැරියන් 200 දෙනෙකු සදහා පොත් කට්ටල 200 ක් ප්‍රධානය කිරිම උත්සවාකාරයෙන් සිදු කරන ලදි.

මෙම මහගු ප්‍රජාසත්කාරක වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 56 පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් ජි පි එම් කාරියවසම් ආර්එස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වු අතර 562 පාබල බළසේනාවේ බලසේනාධිපති කර්නල් ජේ එම් ඒ ජයසේකර ආර්එස්පි යුඑස්පි, වව්නියාව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුගත් ගලගමගේ, 56 පාබල සේනාංක මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් කේ පි පි කරුණානායන, 56 පාබල සේනාංක මූලස්ථානයේ කර්නල් පාලන භකාස කර්නල් ඩි ඩි දිලීප සේරසිංහ, 56 පිබල සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් ඩි ආර් එම් බුද්ධික දිසානායක එසේම මෙම මහගු ප්‍රජාසත්කාරක වැඩසටහන සදහා දායකත්වය දැරු මහජන බැංකු බෙ!ද්ධ සංගමය නියෝජනය කරමින් සපැමිණි වව්නියාව මහජන බැංකුවේ කළමණාකරු ටි භාර්ත් රාමනා මහතා, සහකාර ආරක්ෂක අධිකාරි විශ්‍රාමික මේජර් තුශාන්ත බි දසනායක, නියෝජ්‍ය කළාප අධ්‍යාපන අධක්ෂක ආර් වීරසිංහ, පැකුම් මහා විද්‍යාලයේ විදුහල්පති ජි ජි එම් ධර්මසිරි, 562 පාබල බළසේනාවේ නිලධාරින් හා 15(සෙව්) ශ්‍රීලංසිරෙ ඒකක අණදෙන නිලධාරි මේජර් ආර් එම් ජේ බි රාජපක්ෂ ශ්‍රීලිංසිරෙ මෙන්ම 17(සෙව්) ශ්‍රීලංසිරෙ ඒකක අණදෙන නිලධාරි මේජර් ජි ඩබ්ලිව් ඒ එස් එල් ද අල්විස් ශ්‍රීලංසිරෙ යන අමුත්තන් මෙම උත්සවය සදහා සහභාගි වු අතර, මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන 562 පාබල බළසේනා මූලස්ථානය වෙතින් සම්බන්ධිකරණය හා සංවිධානය කරන ලදි.