Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

25th August 2022 19:17:14 Hours

පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන් පැවැත්වීම

65 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජෙනරල් ඊපීඩීපී එදිරිසිංහ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් පරිදි 652 පාබල බසේමූ බළසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණයෙන් 65 පාබල බසේමූ භඨ පිරිස් විසින් බළප්‍රදේශයේ අඩුපහසුකමි සහිත පාසල් දෙකක් නනඩ්ඩන්කණ්ඩාල් රජයේ දමිල මිශ්‍ර පාසලෙහි සහ මුන්නිමුරිප්පු ප්‍රාථමික විද්‍යාලයෙහි ඉගෙනුම ලබන දරුවන් සදහා පොත් බෑග් බෙදාදීමේ උත්සවයක් 2022.08.19 වන දින සිදුකරන ලදි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන මූල්‍ය දායකත්වය කදාන ප්‍රදේශයේ එරංග ජයකොඩි මහතා විසින් සපයන ලද අතර, නද්දන්කන්ඩාල් සහ මුනිමුරුප්පු ග්‍රාමීය කොට්ඨාශවල අඩු වරප්‍රසාද ලත් පාසල්වල පාසල් ළමුන් සඳහා පාසල් බෑග් 48ක් බෙදා දෙන ලදි.

.

මෙම උත්සවය 652 පාබල බසේමු වෙතින් සංවිධානය කරන අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඊ ඒ ඩි පි එදිරිසිංහ පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි , 652 පාබල බසේමූ බළසේනාධිපති ඩබ්ලිව්ඒ යුඑස් වනසේකර ආර්ඩබ්ලිව්පි යුඑස්පි සිවිල් සම්බන්ධිකරණ නිළධාරි 65 පාබල සේමු පාබල සේමු ලුතිතන් කර්නල් ජෙඩියුටි කුමාර ආර්එස්පි 10 ශ්‍රී ලංකා පාබල හමුදා ඒකක භඨපිරිස් සහභාගි වන ලදි.