Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

25th August 2022 19:07:41 Hours

653 පාබල බලසේනා බළ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ජනතාව සඳහා වියළි සලාක අසුරන130ක් බෙදාහැරීම

65 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඊඒඩිපි එදිරිසිංහ පිඑස්සි ගේ මගපෙන්වීම සහ 653 පාබල බසේමු බළසේනාධිපතිගේ අධීක්‍ෂණය අනුව, 653 පාබල බසේමු සහ 24 ගඡබා රෙඡිමේන්තුවහි භඨපිරිස් විසින් තවත් මානුෂීය වැඩසටහනක් පැවැත්විය.පාලම්පිඩ්ඩි සහ තච්චානමඩ්ඩි ප්‍රදේශයේ වෙසෙන අසරණ පවුල් සඳහා වියළි සලාක ඇසුරුම්130 ක 2022අගෝස්තු 19 වන දින මඩු ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් තච්චනමරමඩු මහජන ශාලාවේදී බෙදාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා මූල්‍ය දායකත්වය සපයන ලද්දේ තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම ශ්‍රී ලංකාවසහ සීමාසහිත Tan NgkBuay&KeeMeng Lang පදනම (සිංගප්පූරුව )විසිනි.

65 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඊඒඩිපි එදිරිසිංහ පිඑස්සි 652 බළසේනාධිපති, 653 බළසේනාධිපති, 65 පාබල සේමු සහ 653 පාබල බසේමු සිවිල් සම්බන්ධිකරණ නිළධාරින් සහ 24 ගඡබා රෙඡිමේන්තුව අණදෙන නිළධාරි මෙම අවස්ථාවට සහභාගී වේ. තවද මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් මධු මහතා සමග රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු සහ ආගමික නායකයින් කිහිප දෙනෙකුද සහභාගී වී සිටියහ.