Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

02nd August 2022 08:15:20 Hours

ලේ දන්දිමේ වැඩසටහන් සිදු කිරිම වවිනියාව දිස්ත්‍රික් මහ රෝහලෙහි ලේ බැංකුව වෙත

වවිනියාව දිස්ත්‍රික් මහ රෝහලෙහි ලේ බැංකුව විසින් එහි ලේ හිගයක් පවතින බවත් ඒ සදහා 17 (සෙව්) විපාරෙ ඒකකය වෙතින් ලේ දන්දිමේ වැඩසටහනක් සංවිධානය කර දෙන ලෙස ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබු අතර, එයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රජා සමාජ සත්කාරය 2022.07.28 සිදු කරන ලදි.

561 බළසේනාධිපති බ්‍රිගේඩියර් ජිපිපි කුලතිලක යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අනුශාසකත්වයෙන් හා 17 (සෙව්) විපාරෙ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් බිඑල්ආර් ජයසුන්දර ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්‍ෂණය යටතේ මෙම ප්‍රජා සමාජ සත්කාරය සිදු කරන ලද අතර තත් වැඩසටහන නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඒකක මුලස්ථානය තුල පවත්වන ලදි.

තවද මෙම ලේ දන්දිමේ වැඩසටහන සදහා 561 පාබල බසේමු සහ 16 ශ්‍රීලංසිරෙ යන ස්ථානයන්හි රාජකාරි කරනු ලබන නි/සෙනින් 03 × 52 ක් සහ සිවිල් සේවක මහත්වරුන් 04 දෙනෙකු සහභාගි විය.