Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

28th July 2022 06:57:29 Hours

65 වන පාබල සේනාංක මුලස්ථානයේ පුස්ථකාලයෙහි හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්නමින් කියව්ම් අංශය විවෘත කිරිම

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශුරින් විසින් රචිත කෘතින් කියවිමට අවස්ථාව සලසා දෙමින් 65 වන පාබල සේනාංක මුලස්ථානයේ රාජකාරි කරනු ලබන නිලධාරින්, සෙසුනිළයින් සහ සිවිල් සේවක මහතුන්ගේ කියවිමේ රුචිකත්වය සහ සාහිතය රසාස්වාදය ඉහල නැංවිමේ අරමුණින්මෙම මූල පුස්ථකාලයෙහි “මාටින් වික්‍රමසිංහ කියවිම් අංශය”නම්න් නව අංශයක් මෙම පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්රකසාද් එදිරිසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ ප්‍රධානත්වයෙන් 2022 ජුලි මස 23 වන දින විවෘත කරන ලදි.

තවද මෙම මහගු කාර්ය සදහා අවශ්‍ය පොත්පත් ලබාගැනිමේදි 2022 ජුලි මස 23 දින ට යෙදි තිබුන මාටින් වික්‍රමසිංහයන්ගේ 46 වන ගුණ අනුස්මරණයට සමගාමිව ඔහු විසින් රචිත නව කථා, කෙටි කථා ඇතුළු වටිනා පොත් රාශියක් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් පරිත්‍යාග කරන ලදි.