Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th July 2022 14:17:32 Hours

ඩෙංගු මර්ධන වැඩසටහනක්පැවැත්විම.

563 බසේමු බළසේනාධිපති කර්නල් ඒජිඑස්එම් පෙරේරා ආර්ඩබ්පි ආර්එස්පී යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 7 වන බළඇණිය ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේඅණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එම්ඒජේඑම් පෙරේරා ආර්ඩබ්ලිපි ආර්එස්පි පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්‍ෂණය යටතේ7 වන බලඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබලුන් 10 දෙනෙකුගේ ශ්‍රම දායකත්වයෙන් 7 ශ්‍රීලංසිරෙ ඒකක බළප්‍රදේශයට අයත් මාමඩුව ග්‍රාමිය රෝහලේ ඩෙංගු මදුරුවන් ව්‍යාප්තිය වළක්වා ගැනිම සදහා රෝහල් භුමිය සුද්ධ පවිත්‍ර කිරිමේ වැඩසටහනක්2022.07.16 වන දින 0800 පැයේ සිට 1400 පැය දක්වා සිදු කරන ලදි. මේ සදහා මාමඩුව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරි ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සහයෝගය ලබාදෙන ලදි.