Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th July 2022 14:13:37 Hours

ප්‍රජා සමාජ සත්කාර සිදු කිරිම - 561 පාබල බළසේනාව - කනගරායන්කුලම්

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්ඩිඑස්එස් ලියනගේ ආර්එස්පි යුඑස්පි පිඑස්සි එච්ඩිඑම්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අනුශාසකත්වයෙන් බළසේනාධිපති බ්‍රිගේඩියර් ජිපිපි කුලතිලක යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය යටතේ 561 පාබල බළසේනා මුලස්ථානයේ බළසේනා මේජර්, සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, මේජර් පාලන/භකාස යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සම්බන්ධිකරණයෙන් ඇසල පෝය දිනයට සමගාමිව 561 පාබල බළසේනා මුලස්ථාන බළප්‍රදේශයේ පදිංචි පවුල් සදහා පිසු ආහාර පාර්සල් 400 ක් බෙදා දිම 2022 ජුලි මස 13 දින සිදුකරන ලදි.