Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

18th July 2022 14:12:39 Hours

වියලි සලාක බෙදා දීමේ වැඩසටහන් පැවැත්වීම

65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඊඒඩිපි එදිරිසිංහ පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ 653 පාබල බසේමු බළසේනාධිපති බිගේඩියර් ඩීඑන්සි සේරසිංහ ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධිෂණයෙන් හා 653 පාබල බසේමු සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් දිල්ශාන් ගනේආරච්චි යන ‍ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධිකරණයෙන් ශ්‍රි ලංකාවේ තලගල ශ්‍රි සිද්ධාර්ථ පදනමේ සහ Tan Ngak Buay & Kee Meng Lang Foundation Limited (Singapore) අනුග්‍රහයෙන් 653 බලප්‍රදේශයේ අඩු ආදායමිලාභි පවුල් 1500 ක් සදහා සහන සැලසිමේ අරමුණීන් 653 බලසේනාව විසින් සංවිධානය කරන ලද වියලි සලාක පාර්සල් බෙදාදිමේ වැඩසටහනේ පස්වන අධියර සදහා 653 පාබල බසේමු සිවිල් සමිබන්ධිකරන නිළධාරි - දිල්හාන් ගනේආරච්චි යන ජෙයෂ්ඨ නිලධාරි මඩු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කිරිසුඩ්ඩාන් ග්‍රාම නිලධාරිනි කේ නිශාන්ති මහත්මිය 653 පාබල බසේමු නි/සෙනින් සහභාගිත්වයෙන් කිරිසුඩ්ඩාන් ග්‍රාම නිලධාරි කාර්‍යාලයේදි 2022.07.15 දින පවත්වන ලද අතර, කිරිසුඩ්ඩාන් ගමිමානයේ අඩු ආදායමිලාභි දිළිදු පවුල් 50 ක් වෙත වියලි සලාක මළු බෙදා දිමේ කටයුතු සිදුකරන ලදි.