Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

16th July 2022 17:14:34 Hours

ප්‍රජා සමාජ සත්කාර සිදු කිරිම 561 පාබල බළසේනාව - කනගරායන්කුලම්

ස්ථානය - 561 පාබල බළසේනා මුලස්ථානය - කනගරායන්කුලම්

දිනය - 2022 ජුලි මස 07 දින

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්ඩිඑස්එස් ලියනගේ ආර්එස්පි යුඑස්පි පිඑස්සි එච්ඩිඑම්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අනුශාසකත්වයෙන් බළසේනාධිපති බ්‍රිගේඩියර් ජිපිපි කුලතිලක යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය යටතේ 561 පාබල බළසේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි,561 පාබල බළසේනා මුලස්ථානයේ මේජර් පාලන/භකාස යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සම්බන්ධිකරණයෙන්මෙම ප්‍රජා සමාජ සත්කාරය සිදු කරන ලදි.

මෙහිදි බළ ප්‍රදේශයේ ඉතා අඩු ආදායම් ලාභි පවුල් 10 ක් සදහා රුපියල් 5000.00 ක මුදල් පරිත්‍යාග කිරිමේ වැඩ සටහනක් පැවැත්වු අතර, ඒ සදහා පූර්ණ අනුග්‍රහය නීතිඥ දෙපලක් වන මේජර් එම්එච්එස් ශ්‍රී කුමාර එල්එල්එම් සහ එම මැතිණිය වන නදි ගුණරත්න එල්එල්බි, එල්එල්එම් විසින් සිදුකරන ලදි.