Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

04th July 2022 23:08:09 Hours

16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් ග්‍රාම ම විඥානකුලම් නවරත්නම් විද්යාලයෙහි ශ්‍රමදාන ව්යාවපාරයක් සිදුකිරිම

561 පාබල බළසේනා මුලස්ථානය යටතේ පාලනය වන 16 ශ්‍රී ලංසිරෙ ඒකක බල ප්‍රෙද්ශයේ සින්නඅඩප්පන් ග්‍රාම නිලධාරි වසමට අයත් විඥානකුලම් ගම්මානයේ පිහිටා ඇති විඥානකුලම් නවරත්නම් විද්යාරලයෙහි දුවා දරුවන් 22 දෙදෙනෙකු ඉගෙනුම ලබන අතර, එම පාසලෙහි ගුරුවරුන් හා එක්ව මෙම ඒකකය විසින් පාසල පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් හා දිවා ආහාරය ලබාදීම 561 බසේමු බළසේනාධිපති උපදෙස් පරිදි සිදුකරන ලදි.

මෙම සිවිල් සමිභන්ධිකරණ වැඩසටහන 2022.06.23 වන දින 0900 පැයේ සිට 1300 පැය දක්වා කාල සීමාව තුල සිදුකරනු ලැබූ අතර, ඒ සඳහා මෙම ඒකකයෙහි අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එස්එම්එස් සූරියබණ්ඩාර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළුව නිලධාරින් හා සෙසුනිලයින් පහළොස් දෙනෙකුගෙන් සමන්විත භඨ පිරිස් ප්‍රමාණයක් සහභාගී විය.