Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

26th June 2022 17:10:08 Hours

වියලි සලාක බෙදා දීමේ වැඩසටහන් පැවැත්වීම

ශ්‍රිලංකාවේ තලගල ශ්‍රි සිද්ධාර්ත පදනමේ සහ Tan Ngak Buay Kee Meng Lang Foundation Limited (Singapore) අනුග්‍රහය සහ වව්නියාව දිස්ත්‍රික් සසානාරක්‍ෂක බල මණ්ඩලය සහ ශ්‍රිලංකා යුද්ධ හමුදාවේ මෙහෙයවීම මත වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කයට අයත් මඩුකන්ද සහ චෙන්ගාලසෙට්ටිකුලම් ප්‍රාදේශිය ලේකම් බලප්‍රෙද්ශයේ අඩු ආදායම් පවුල් 1500ක් සදහා සහන සැලසීමේ අරමුනින් 653 පාබල බළසේනාව විසින් සංවිධානය කරන ලද වියලි සලාක පාර්සල් බෙදාදිමේ වැඩ සටහනේ පලමු අධියර 65 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඒ සමරසිරි ආර්ඩබිලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ ප්‍රධානත්වයෙන් 653 පාබල බසේමු බළසේනාධිපති, 24 ගරෙ අණදෙන නිළධාරි ඇතුලු ‍ජ්‍යෙෂ්ඨ නිළධාරින්ගේ අධීක්‍ෂණය මත පෙරියපන්ඩ්විරිච්චාන් දමිළ මිශ්‍ර පාසලේදි 2022.06.19 වන දින පවත්වන ලද අතර, එහිදි වියලි ආහාර පාර්සල් 320ක ප්‍රමාණයක් පෙරියපන්ඩිවිරිච්චාන්(නැ),පෙරියපන්ඩිවිරිච්චාන්(බ),සින්නපණ්ඩිවිරිච්චාන් සහ පෙරියතම්පනේ ග්‍රාම නිළධාරි වසම්වල අඩුආදායම්ලාභි දිලිදු පවුල් වෙත බෙදාදිමේ කටයුතු ආරක්ෂක සේනා මුලස්ථානය වන්නි හි ආඥාපති මේජර් ජෙනරාල් සීඩි රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මග පෙන්වීම යටතේ සිදුකරන ලදි.