Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

26th June 2022 17:03:49 Hours

කාබනික පොහොර භාවිතයෙන් වගා ඇරඹුම සදහා ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) හි භඨ පිරිස් දැනුවත් කරයි.

වර්ථමානයේ රටතුල උද්ගත වී ඇති ආහාර අර්බුධයට ඉදුරාම මැදිහත්ව කටයුතු කර රටෙහි ආහාර සුරක්ෂිතතාවය තහවුරැ කිරීම සදහා කෘෂි වගා සංග්‍රාමයක් යුද්ධ හමුදාව දැනටමත් ආරමිභ කර ඇත. ඒ අනුව, තවදුරටත් එම කාර්යය පුළුල් කරගැනීම සදහා වගා කල හැකි භූමි හදුනාගෙන කඩිනමින් කෘෂි ආර්ථික භෝග වගා කිරීම යුද්ධ හමුදාපති තුමාගේ උපදෙස් පරිදි දැනටමත් ආරමිභ කර ඇත. ඒ අනුව ආරක්ෂක සේනා වන්නි ආඥාපති මේජර් ජනරාල් චමිපක රණසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා වන්නි කදවුර තුල කාපනික වගාව දැනටමත් ආරමිභ කර ඇත. ඒ අනුව ඒ සදහා වන තාක්ෂණික දැනුම වගා කටයුතු සදහා නිරතව සිටින නිළදාරි/ සෙසු නිලයන් වෙත ලබාදීමෙ අරමුනින් නියොජ්‍ය පලාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ (ව්‍යාප්ති) කාර්යාලය වවිනියා හි දිස්ත්‍රීක් බෝග ආරක්ෂක විශයභාර නිලධාරී එමි ජේ පි ගයාල් මහතා විසින් 2022.06.21 සහ 22 යන දෙදින පුරා වැඩමුළුවක් පවත්වන ලදි. එහිදී කාබනික පොහොර නිශ්පාදනය කාබනික කෘෂි රසායන නිෂ්පාදනය පැල සිටුවීම පැල කප්පාදු කිරීම බෝග සදහා නිවැරදි බිමි තෝරා ගැනීම කෘමීන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීම යටි වගාවන් තොරා ගැනීම යනාදී කරැණු සමිබන්ධයෙන් න්‍යායාත්මක දැනුම හා ප්‍රා‍යෝගික දැනුම ලබා දෙන ලදි. මෙ සදහා නිළධාරීන් 12 ක් සහ සෙසුනිලයන් 29 ක් සහභාගි වන ලදි.