Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th June 2022 17:54:46 Hours

වව්නියාව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල් 100 ක් වෙත වියළි සළාක මළු බෙදාදීම

මේ දිනවල පවතින ආර්ථික ධරිතාවය හේතු කොට ගෙන වවිනියාව ප්‍රදේශයේ ආදායම්ලාභි පවුල් ජිවත්වන ගම්මාන වන බෝගස්වැව1, බෝගස්වැව 11, නාමල්ගම, සැළලිහිණිගම, නන්දිමිත්‍රගම, කල්ලිකුලම් සහ මදිනානගර් යන ගම්මානයන්හි ජිවත්වන සිංහල, දමිල සහ මුස්ලිම් පවුල් 100 ක් තෝරාගෙන වියලි සලාක මල්ලක් බැගින් බෙදාදිමේ වැඩ සටහනක් 56 පාබල සේනාංකයේ සේනාකාධිපති මේජර් ජෙනරාල් එල්ඩිඑස්එස් ලියනගේ ආර්එස්පි යුඑස්පි පිඑස්සි එච්ඩිඑම්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම යටතේ සහ 563 බළසේනාවේ බළසේනාධිපති කර්නල් ඒජිඑස්එම් පෙරේරා ආර්ඩබ්ලිවිපි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්‍ෂණය යටතේ 2022.06.19 වන දින 1000 පැයේ සිට 1130 පැය දක්වා නන්දිමිත්‍රගම පොදු පහසුකම් මධ්‍යස්ථානයේදි පවත්වනු ලැබිය. මේ සදහා අනුග්‍රහය රාජ්‍ය නොවන සංවිධානයක් වන එංගලන්නයේ ලන්ඩන් හි පිහිටි “විශ්ව සමාධි” පදනමෙහි සභාපති වන මහේෂ් හෙට්ටිආරච්චි මහතාගේ මුල්‍යමය අනුග්‍රහයෙන් මෙම වියලි සලාක මළු පරිත්‍යාග කරන ලදි.

මෙම අවස්ථාව සදහා “විශ්ව සමාධි” පදනමෙහි ශ්‍රිලංකා ශාඛාවේ සහකාර ලේකම් තුමිය වන චන්දිමා කුරුප්පු සහ සමාධි නාරංකොටුව මහත්මිය සහභාගි වන ලදි. තවද 563 පාබල බසේමු බළසේනාධිපති කර්නල් ඒජිඑස්එමි පෙරේරා ආර්ඩබ්ලිවිපි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි, 56 පාබල සේනාංකයේ සිවිල් සමිබන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් ඩිආර්එම්බි දිසානායක ශ්‍රිලංජාආබමු ජ්‍යෙෂ්ඨ නිලධාරි , 563 පාබල බසේමු සිවිල් සම්බන්ධිකරණ ලුතිතන් කර්නල් ඥාණාධාර ගැහේබ ජ්‍යෙෂ්ඨ නිළධාරි, 7 වන බල ඇණිය ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි මේජර් පිඒසිපි විජේසේකර ආර්එස්පි ශ්‍රිලංසිරෙ ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 7 වන බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ 02 x 15 ක භඨ පිරිසක් සහ අඩු ආදයම්ලාභි සිංහල පවුල් 50 ක්, දමිල පවුල් 25 ක්, මුස්ලිම් පවුල් 25 ක් මෙම අවස්ථාව සදහා සහභාගි වන ලදි.