Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

12th May 2022 12:38:04 Hours

54 පාසේමු බලප්‍රෙද්ශයේ යුද හමුදාවේ දායකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් සිදු කරන ලදි.

මන්නාරම මාතොට රජමහ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි 54 පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශණ විජේසේකර ආර්ඩබ්ලියුපී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෂ්ඨ නිළධාරීගේ උපදෙස් අනුව ප්‍රෙද්ශයේ රුධිරය අවශ්‍ය රෝගීන්ගේ ප්‍රෙයා්ජනය සදහා ලේ දන්දීමේ වැඩසටහනක් 2022 මැයි මස 10 වන දින 54 පාබළ සේමු, 541 පාබළ බසේමු 12(සෙව්) ශ්‍රීලකාහ සහ 10(සෙව්) ගැහේබ රාජකාරි කරනු ලබන සෙබළ සෙබළියන් 63 කගේ දායකත්වයෙන් මාතොට රජමහ විහාරයේ ධර්ම ශාලාවේදී කොවිඩ් 19 සදහා පනවා ඇති නීතිරීති වලට අනුව පවත්වන ලදි.

මෙම අවස්ථාව සදහා 541 පාබළ බළසේනාධිපති සිවිල් සම්බන්ධීකරණ නිළධාරි 54 පාසේමු, 12 (සෙව්) ශ්‍රීලකාහ අණදෙන නිළධාරි, 10(සෙව්) ගැහේබ අණදෙන නිළධාරි, නිළධාරින් සහ සෙසුනිළයින් 75ක් සහ ලේ බැංකුවේ වෛද්යදවරුන් සහ එම කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගි වන ලදි. තවද මෙම වැඩසටහන අවසානයේදී සහභාගීවූ සියළුදෙනා වෙත කෙටි ආහාර වේලක් සමග තේපැන් සංග්‍රහයක් ලබා දෙන ලදි.