Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

06th May 2022 08:30:02 Hours

ආසේමු (වන්නි) බළප්‍රදේශයේ අණදෙන නිලධාරිවරුන්ගේ වැඩමුලුව

ආසේමු (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් සිඩි රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ නායකත්වය හා 56 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්ඩිඑස්එස් ලියනගේ ආර්එස්පි යුඑස්පි එම්එම්එස් පිඑස්සි එච්ඩිඑම්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම අනුව ආසේමු (වන්නි) බළප්‍රදේශයේ රාජකාරි ඉටුකරන අණදෙන නිලධාරින් 40 දෙනෙකු සදහා 2022 අප්‍රේල් මස 25 හා 26 යන දෙදින තුල ආසේමු (වන්නි) ත්‍රිමාණ ශාලාවේදි වැඩමුලුවක් පවත්වන ලදි.

ඒම වැඩමුලුවේදි අණදෙන නිලධාරින්ගේ දැනුම වර්ධනය කිරිම සදහා නිලධාරි ඉදිරි ප්‍රගමනය හා කාර්යඵල ඇගයිම, ඒකක පුහුණුවිම්, ඒකක පරිපාලනය, ගිණුම් ප්‍රතිපක්ති, අණදෙන නිලධාරිනගේ වගකිම්, ජාතික ආරක්‍ෂාව, වැටුප් හා දිමනා යන විෂය ‌ෙක්‍ෂ්ත්‍ර අවර්ණය වන පරිදි දේශණ සිදුකරන ලදි. තවද මෙම වැඩමුලුවේ අරමුණ පිළිබදව පාරම්භක දේශණය 56 පාබල සේමු සේනාංකාධිපති විසින් සිදුකරන ලද අතර වැඩමුලුව අවසානයෙදි සහභාගිවු සියලුම අණදෙන නිලධාරි සදහා 56 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්ඩිඑස්එස් ලියනගේ ආර්එස්පි යුඑස්පි එම්එම්එස් පිඑස්සි එච්ඩිඑම්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සහතික පත්‍ර ප්‍රධානය කරන ලදි.