Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

15th March 2022 15:40:43 Hours

651 පාබල බළසේනාව විසින් කාබනික පොරෙහාර නිෂ්පාදනය කිරීම

කෘෂිකර්මාන්තය සදහා කාබනික පොහොර හදුන්වාදීමේ රජයේ ප්‍රථිපත්තියට අනුකූලව 65 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඒ සමරසිරි ආර්ඩබ්පි ආර්එස්පී යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් පරිදි 651 පාබල බසේමු බළසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්ඩබ් බණ්ඩාර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පූර්ණ මග පෙන්වීම යටතේ ගොවිතැන් කටයුතු කරනු ලබන ප්‍රදේශවාසි ගොවි ජනතාව අතර, අඛණ්ඩව කාබනික පොහොර බෙදාහැරීම සදහා මුලංකාවිල් ප්‍රදේශයේ ස්ථාපිත 651 පාබල බළසේනා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන භඨ පිරිස්ගේ ශ්‍රම දායකත්වයෙන් මත නිෂ්පාදනය කරනු ලබූ කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 68000 තොගයක් සීමාසහිත ලංකා පොහොර සමාගම වෙත 2022 මාර්තු 09 වන දින භාර දෙන ලදි.