Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

25th February 2022 09:51:09 Hours

රූප වාහිණි යන්ත්‍රයක් සහ ඩයලොග් සැටලයිට් සම්බන්ධතාවයක් ලබාදිම

65 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ සමරසිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් මත සේනාංක කර්නල් (පාලන/භකාස) නිළධාරි කර්නල් ටි එස් ලියනගුනවර්ධන යන ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය ධන පරිත්‍යාගයෙන් ආලන්කුලම් ග්‍රාමසේවා වසමේ පිහිටි අධිරදන් පෙර පාසලේ සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සදහා TCL වර්ගයේ වර්ණ රෑපවාහිණි යන්ත්‍රයක් සහ ඩයලොග් සැටලයිටි සම්බන්ධතාවයක් 2022.02.21 දින පරිත්‍යාග කරන ලදි.