22nd August 2024 17:18:08 Hours
හමුදාධිපතිතුමන්ගේ මගපෙන්විම යටතේ විධායක ජෙනරල් තුමන්ගේ උපදෙස් පරිදි “මැතිවරණ නීති සහ නීති විරෝධි මත්ද්‍රව්‍ය” පිලිබද යුද්ධ හමුදා මූලස්ථානයේ සහ සියලු ආසේමු බලප්‍රදේශ යටතේ රාජකාරී කරනු ලබන නිළධාරීන් සහ සෙසු නිලයින් දැනුවත් කිරීමේ වැඩමුලුවක් නීති සේවා මානව හිමිකම් හා මානුෂවාදී නීතී අධ්‍යක්ෂක මණ්ඩළය විසින් සංවිධානය කර ඇත.
ඒ අනුව ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) බලප්‍රදේශයේ රාජකාරී කරනු ලබන නිළධාරී සහ සෙසු නිලයන් වෙනුවෙන් 2024 අගෝස්තු මස 21 වන දින ආරක්ෂක සේනා මුලස්ථානය වන්නි ආඥාපති මේජර් ජෙනරල් ජේ පි සි පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරාධිත දේශක ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ කේ එස් හර්ෂාන් පෙරේරා මහතා විසින් දේශණය පවත්වන ලදී.
ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) හා 1 බලකායේ නිළධාරින් හා සෙසු නිළයින් මේ සදහා සහභාගි වුහ.