Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

05th December 2023 10:07:32 Hours

“දෙවැනි පොල් ත්‍රිකෝනය උතුරට” වැඩසටහනට සමගාමීව බලප්‍රදේශයේ සිවිල් වැසියන් හට පොල් පැල බෙදාදීම

ආසේමු(වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්පිඒඩිඩබ්ලිව් නානායක්කාර ආර්එස්පි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ජිපිඑම් කාරියවසම් ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම මත 561 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්ජි බණ්ඩාරනායක යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ අධික්‍ෂණය යටතේ පොල් පැල 2500ක් බෙදාදීමේ වැඩසටහනක් 2023 නොවැම්බර් මස 27 සහ 28 යන දෙදින තුල පවත්වන ලදි.

ඒ අනුව බලප්‍රදේශයේ අඩුආදයම්ලාභි පවුල් වෙත පොල් පැල බෙදාදිමේ වැඩසටහන සඳහා 16 ශ්‍රීලංසිරෙ ඒකක අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්එච් විකමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පිඑස්සි එල්එස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 10 ශ්‍රීලපාහ ඒකකයේ අණදෙන නිලධාරි(වැබ) මේජර් ඒඑම්එල්කේ ගුණතිලක ආර්එස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ නිලධාරීන්, සෙසු නිලයින් විසින් පැමිණි සිවිල් වැසියන් හට පොල් පැල බෙදාදීම සිදුකරන ලදි.