Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

23rd March 2024 18:17:54 Hours

“තුරු මිතුරු නව රටක්” වැඩසටහනට සමගාමීවමී පැළසිටුවීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති, ලුතිතන් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට සහ මග පෙන්විම යටතේ නිර්මාණය කළ “තුරු මිතුරු නව රටක්” වැඩසටහනට සමගාමීව කෘෂි කර්මාන්තය සඳහා බෙහෙවින් උපකාරවන මී පැළ සිටුවීම සහ ගොවි මහතුන් අතර බෙදාහැරීම 2024 මාර්තු මස 20 වන දින 56 පාසේමූ බලප්‍රදේශයේ දී සිදුවිය. 7 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 17 (ස්වේ) ශ්‍රී ලංකා පාබල හමුදා භට කණ්ඩායම් මේ සඳහා ප්‍රධානත්වය ගත් අතර අඥාපති ආරක්ෂක සේනා මුලස්නථානය (වන්නි) ඩබ්ලිව් පී ඒ ඩී ඩබ්ලිව් නානයක්කාර ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු, 56 පාසේමූ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ගොවීන් මේ සඳහා සම්බන්ධ කරවන ලදී.

මෙම අවස්ථාව අතරතුර සේනාංකාධිපතිතුමා විසින් ප්‍රාදේශීය ගොවීන් මුහුණදෙන ගැටළු පිළිබද විමසන ලදී.

56 පාසේමු නියෝජ්‍ය සේනාංකාධිපති, 562, 563 බලසේනාධිපතිවරුන්, කර්නල් ප්‍රමානි 56 පාසේමූ, හින්දු ආගමික පූජකයින්, ගොවිජන සේනා මධ්‍යස්ථාන සංවර්ධන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් මේ වැඩසටහන සදහා සම්බන්ධ වන ලදී.