Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

19th June 2025 09:02:45 Hours

“Clean Sri Lanka” ව්‍යාපෘතියට සමගාමිව ඉරට්ටපෙරියකුලම ශ්‍රී සයිලබිම්බාරාමය විහාරස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වීම.

21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ඩබ්ලිව්එම්පීඩබ්ලිව්බීආර් පාලමකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ සහ 213 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පීඑම් ද සිල්වා ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ 2025 ජුනි 08 වන දින ඉරට්ටපෙරියකුලම ශ්‍රී සයිලබිම්බාරාම විහාරස්ථානයේදී පිරිසිදු කිරිමේ වැඩසටහනක් පවත්වන ලදී.

2 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස්, ප්‍රදේශවාසීන් සමඟ විහාරස්ථාන භූමියේ පිරිසිදු කර එහි පැල සිටුවීම සිදු කරන ලදි. මෙහිදී වැඩසටහන සඳහා සහභාගි වු ගම්වාසින් වෙත “Clean Sri Lanka” ජාතික වැඩ පිළිවෙළට අනුකූලව පිරිසිදුකම සහ පාරිසරික තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් හරවත් දේශනයක් පැවැත්විමටද කටයුතු කරන ලදී.