31st July 2025 09:52:30 Hours
ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ, 2025 ජූලි 30 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි), 56 වන පාබල සේනාංකය, 8 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුව, 3 වන විශේෂ බලකාය, 1 වන සන්නද්ධ බුද්ධි බලකාය සහ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය, භට පිරිස් වෙත ‘තෘප්තිමත් සහ නිර්භීත හමුදාවක්’ යන මැයෙන් දේශනයක් ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) හිදී පවත්වන ලදී.
මෙම වැඩමුළුවේ අරමුණ වූයේ යුද හමුදා නිලධාරීන් මුහුණ දෙන අනාගත අභියෝගවලට මුහුණ දීම සහ ඔවුන්ගේ මානසික ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීමයි. මෙම සැසිය මෙහෙයවනු ලැබුවේ ලුතිනන් කර්නල් ඊ ඒ එස් එස් චමින්ද සහ මේජර් එම් අයි මරික්කාර් විසින් වන අතර, භට පිරිස් අතර මානසික යහපැවැත්ම සහ වෘත්තීය තෘප්තිය වැඩිදියුණු කිරීම සඳහා වටිනා අවබෝධයක් සහ උපාය මාර්ග ඉදිරිපත් කරන ලදී. නිලධාරීන් 33 දෙනෙකු සහ සෙසු නිලයින් 372 දෙනෙකු මෙම වැඩසටහනට සහභාගී වූ අතර, 21 වන සහ 54 වන පාබල සේනාංකවල භට පිරිස් මේ සඳහා සූම් තාක්ෂණය හරහා එක්විය.