Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

20th January 2024 20:38:20 Hours

සෙබළ මනස වර්ධනය සදහා දේශණ මාලාවක් පැවැත්වීම

54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඑම්පීඑස්බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මගපෙන්වීම යටතේ, "සෙබළ මනස සංවර්ධනය" පිළිබඳ කාලෝචිත දේශන මාලාවක් 2024 ජනවාරි මස 16, 17 සහ 18 යන දිනයන්හි 54 පාබල සේනාංක මූලස්ථානය, 542 වන පාබල බළසේනා මූලස්ථානය හා 4 වන විජයබාහු රෙජිමේන්තුව යන ස්ථානයන්හිදී පවත්වන ලදි. මෙම දේශන මාලාව සඳහා 54 වන පාබල සේනාංකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් මෙන්ම යටතේ ඇති පාබළ බළසේනා මූලස්ථාන සහ ඒකකයන්හි නිලධාරීන් සහ සෙසුනිළයින්ද සහභාගී විය.

තවද මෙම දේශන මාලාව පවත්වන ලද්දේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ආර් චන්ද්‍රිකා රාජපක්ෂ මහත්මිය විසිනි. මෙම දේශණ මාලාවන් අතරතුර, සහභාගිවන්නන් සේවා ස්ථාන ආතති කළමනාකරණය, රැකියා ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සමතුලිත කිරීම, මූල්‍ය දුෂ්කරතා කළමනාකරණය කිරීම සහ සමාජ විරෝධී සහ නීති විරෝධී ක්‍රියාකාරකම්වල නියැලීමේ ප්‍රතිවිපාක පිළිබඳ අවබෝධාත්මක අධ්‍යාපනයක් ලබා ගන්නා ලදි. මෙම දේශණ මාලාව සදහා නිලධාරීන් 35 දෙනෙකු සහ සෙසු නිලයින් 413 දෙනෙකු සහභාගී වන ලදි.