Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

13th October 2025 12:46:57 Hours

සුවසරණ මධ්‍යස්ථානය, ඇඹුල්ගස්වැව, කැකිරාව වෙත දිවා ආහාර පාර්සල් පිළිගැන්වීම

76 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 7 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එම් ඩබ්ලිව් විශ්වමිත්‍ර පීඑස්සී ශ්‍රීලසසබ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ රෙජිමේන්තුවෙහි සියලු නිලයන‍්ගේ දායකත්වයෙන් ඇඹුල්ගස්වැව සුවසරණ මධ්‍යස්ථානයෙහි වෙසෙන මානසික ආබාධ තත්වයෙන් පෙලෙන අයවලුන්හට 2025 ඔක්තෝබර් 10 දින දිවා ආහාර පාර්සල් පිළිගන්වන ලදි.

මෙම වැඩසටහන 7 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි, නිලධාරින් හා සියලු සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.