Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

09th May 2024 10:17:53 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය විසින් සංවිධානය කරන ලද මැදගම ප්‍රාථමික පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන

7 ස්වෙච්ඡා රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භට පිරිස් විසින් අත හිත - 2024 වැඩසටහන් යටතේ කැකිරාව මැදගම ප්‍රාථමික විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් සංවිධානය කෙරුනු අතර එය ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාගේ සම්බන්ධීකරණයෙන් චින්තක අබේසේකර මහතා, තේජා කපුරුගේ මහත්මිය සහ සංක ජයමාල් කරුණාරත්න මහතා යන අයගේ පරිත්‍යාගශීලිත්වයෙන් සිදුකරන ලදී. උත්සවයේ සියලු සූදානම් කිරීමේ හා සැරසිලි කිරීමේ කටයුතු 7 වන ස්වෙච්ඡා රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භට පිරිස් වල කැපවීමෙන් සිදුවුන අතර මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා මූලස්ථානය වන්නි ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්පීඒඩීඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී වු අතර 21 සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් එච්එච්කේඑස්එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ‌ජ්‍යෙෂ්ඨ නිලධාරීද සහභාගී විය. මෙම අවස්ථාව උත්සවශ්‍රීයෙන් පැවැත්වුනු අතර පාසලේ ළමුන්ගේ නාට්‍ය හා නැටුම් ආදී විවිධ අංග වලින් උත්සවය අලංකාරවත් වූ අතර උත්සවය අවසානයේ තේ පැන් සංග්‍රහයක්ද පැවැත්වුනි.