12th August 2025 13:03:16 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) වලට අයත් 21 පාබල සේනාංක මුලස්ථානය යටතේ ඇති 211 පාබල බළසේනා මුලස්ථාන බළප්‍රදේශය තුල පිහිටා ඇති ශ්‍රි තිලකාරාම විහාරස්ථානය අවට සුද්ද පවිත්‍ර කිරිමේ ශ්‍රමදානයක් 21 පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්ඩබ්ලිව්ඒආර්සි විජේසුරිය ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්විම මත 211 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ටිඩිපි සිරිවර්ධන පිඑස්සි ජ්‍යේෂ්ඨ නිළධාරිගේ අධික්‍ෂණය යටතේ 2025 අගෝස්තු මස 07 වන දින පවත්වන ලදි.
එම විහාරස්ථානයේ ගරාවැටී ඇති චෛත්‍ය රාජයාණන් වහන්සේ සංරක්ෂණය කිරිමේ අරමුණ පෙරදැරිව 2025.08.09 දින ධර්ම දේශණයක් සහ සෙත් පිරිත් දේශණාවක් සිදුකිරීමට සූදානම් කර ඇති බැවින් මෙම ශ්‍රමදාන කටයුත්ත සිදුකර ඇත.
ඒ සදහා 9 ගජබා රෙජිමේන්තුවට අයත් 01X09 කින් සමන්විත නිළධාරි/සෙසුනිළයින්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.