Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

29th May 2024 10:40:38 Hours

වෙසක් පොහොය නිමිත්තෙන් මාතොට රජමහා විහාරයේදී බෝධිපූජා පිංකමක් සිදුකිරීම හා වෙසක් කූඩු ප්‍රදර්ශණයක් පවත්වන ලදී

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේඑම්පීඑස්බීකුලතුංග ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ උපදෙස් පරිදි,541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීවයිසී ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම යටතේ, ඓතිහාසික ශ්‍රී මාතොට රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද අඹගහවැවේ සංඝරක්තිත හිමියන්ගේ අනුශාසනයෙන් 54 පාබල සේනංක බලප්‍රදේශය තුල රාජකාරීහි නියුතු නිලධාරීන්,‌සෙනීන් හා බලප්‍රදේශයේ ස්ථාපනය කර ඇති නාවික, ගුවන් හමුදා හා පොලිසියේද සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් බෝධිපූජා පිංකමක් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයින් විසින් නිර්මාණය කරන ලද වෙසක් පහන් කූඩු ප්‍රදර්ශණයක් පැවැත්වු අතර, වෙසක් කලාපය නැරඹීමට අවට ගම්මානවල සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන ලදී.