Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

25th August 2022 18:56:51 Hours

විශේෂ අතිරේක ප්‍රහාරක ඛණ්ඩ පුහුණු පාඨමාලාව - අධියර 02

ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් සී ඩී රණසිංහ ආර්ඩබිලිවිපි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සංකල්පයකට අනූව ආරම්භ වු විශේෂ අතිරේක ප්‍රහාරක ඛණ්ඩ පුහුණු පාඨමාලාවේ දෙවන අධියර 2022.08.22 වන දින පම්පෙමඩුව 56 වන පාබල සේනාංක පාබල බළඇණි පුහුණු පාසලේදී ආරම්භ විය.

මේ සඳහා සහභාගිවූ ආරක්ෂක සේනා (වන්නි) ආඥාපතිතුමන් විසින් ආරම්භක දේශනය පවත්වන ලදි. තවද මෙම පාඨමාලාව සඳහා ආත්ම ආරක්ෂක සටන් කලාව (කරාතේ), සත්‍ය සටන් REAL FIGHTING අවි රහිත සටන් UNARM COMBAT විශේෂ පුද්ගලයින් ආරක්ෂා කිරීම VIP PROTECTION ආදී විශේෂ විෂයන් රාශියක් ඇතුලත් වන අතර මෙම පාඨමාලාව පම්පෙමඩු පාබල බළඇණි පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක වන මේජර් ඩිඑල්සි ජයසිංහ ආර්එස්පි - යාපාරෙ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධාන අධීක්ෂණය යටතේ වැඩ කරන දින 32 ක් පුරා පැවැත්වීමට නියමිත වේ. මේ සඳහා ආරක්ෂක සේනා (වන්නි) බළ ප්‍රදේශයේ රාජකාරී නියුතු පාබල ඒකක වෙතින් තෝරාගත් 05 X 151 ක භටපිරිස් ප්‍රමාණයක සහභාගිත්වයෙන් පවත්වනු ලබයි.