Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

25th October 2022 20:06:09 Hours

විශේෂ අතිරේක ප්‍රහාරක ඛණ්ඩ පුහුණු පාඨමාලාව අංක - 02

වර්ථමානයේ රටේ පවතින තත්වය අනුව ආරක්ෂාව තහවුරු කිරීම සදහා අත්‍යාවශ්‍යව පවතින යුද උපක්‍රම සහිත විශේෂ ක්‍රියාන්විත අතිරේක ප්‍රහාරක ඛණ්ඩ පුහුණු පාඨමාලාව ආරක්ෂක සේනා මුලස්ථාන (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් සී ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමාගේ මඟපෙන්වීම යටතේ 2022.08.22 දින සිට 2022.10.03 දින දක්වා පම්පෙමඩු බළඇණි පුහුණු පාසලේදී පැවැත්වින.

මෙම පාඨමාලාව ආසේමු වන්නි බලප්‍රදේශයේ යටතේ පාලනය වන 21 සේමු, 54 සේමු 56 සේමු, 62 සේමු, 65 සේමු පාබල සේනාංක නියෝජනය කරමින් 05×151 ක භඨ පිරිස් ප්‍රමාණයක් සහභාගි විය. මෙහිදි ඉංජිනේරු රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බළකාය, ප්‍රගුණ හා සැඟවුනු වෙඩික්කරු පුහුණු පාසල යන විශේෂිත වූ උපදේශකයන්ගේ හා 56 සේනාංකයේ බළඇණි පුහුණු පාසල පම්පෙමඩු හී ප්‍රධාන උපදේශක ඇතුලු උපදේශකයින්ගේ උපදේශකත්වයෙන් පුහුණුවීම් සිදුකරන ලදි. පාඨමාලා කාලය තුලදි GPS යන්ත්‍ර හැසිරවීම, ආත්මාරක්ෂක සටන් ක්‍රම, අවි රහිත සටන් ක්‍රම, විශේෂ පුද්ගල ආරක්ෂාව, වෙඩි ද්‍රව්‍ය හදුන්වාදීම් හා බිඳ හෙලීම්, අවි හැසිරවීම හා ජීව වෙඩි තැබීම් මෙන්ම යුධ මූලධර්මයන් සහ අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි පිළිබඳව ප්‍රායෝගික මෙන්ම න්‍යායාත්මක දැනුම ලබාදීම මේ තුළ වූ විශේෂත්වය විය.

පාඨමාලාව විසිර යෑමේ උත්සවය සදහා ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් සී ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, එහිදි පහත සදහන් විශේෂ කුසලතා සහිත නිලධාරි/සෙසු නිලයින් මෙහි සහතිකපත් හා කුසලාන පිරිනැමීම එතුමන්ගේ සුරතින් සිදු කරන ලදි.

අ. දක්ෂතම නිලධාරියා - නි/71539 ලුතිතන් යුඑම්ටිකේ ද සිල්වා - 20 ගරෙ

ආ. හොදම ශාරීරික යෝග්‍යතාවයෙන් යුත් සෙබළා - සෙ/487386 පාසෙ අමරසේන ඩීවීඑස්එන් - 9 ගරෙ

ඇ. සෑම අතින්ම අතිශූර සෙබළා - සෙ/10එෆ්02062 කෝප්‍රල් ප්‍රේමසිරි ඩබ්ලිව්ඒඑන්යු - 10 ගැහේබ

ඈ. දක්ෂතම වෙඩික්කරු - සෙ/831134 පාසෙ සදරුවන් යුවීඑන් - 2 යාපාරෙ

ඉ. හොදම 8 දෙනාගෙන් සමන්විත කණ්ඩායම - 54 සේමු - 2 කණ්ඩය