Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

09th June 2022 23:29:26 Hours

විශේෂ අතිරේක ප්‍රහාරක ඛණ්ඩ පුහුණු පාඨමාලාව

වර්ථමානයේ රටේ පවතින තත්වය අනුව ආරක්ෂාව තහවුරු කිරීම සදහා අත්‍යාවශ්‍යව පවතින යුද උපක්‍රම සහිත විශේෂ ක්‍රීයාන්විත අතිරේක ප්‍රහාරක ඛණ්ඩ පුහුණු පාඨමාලාව ආරක්ෂක සේනා මුලස්ථාන (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් සීඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමාගේ මග පෙන්වීම යටතේ 2022.05.02 දින සිට 2022.06.07 දින දක්වා පම්පෙමඩු බළඇණි පුහුණු පාසලේදී පැවැත්වින.

මෙම පාඨමාලාව ආසේමු වන්නි බළ ප්‍රදේශයේ යටතේ පාලනය වන 21 සේමු, 54 සේමු 56 සේමු , 62 සේමු, 65 සේමු පාබල සේනාංක නියෝඡනය කරමින් 05×123 ක භඨ පිරිස් ප්‍රමාණයක් සහභාගි විය. මෙහිදි ඉංඡිනේරැ රෙඡිමේන්තුව, කමාන්ඩෝ රෙඡිමේන්තුව, විශේෂ බළකාය, ප්‍රගුණ හා සැගවුනු වෙඩික්කරු පුහුණු පාසල යන විශේෂිත වූ උපදේශකයන්ගේ හා 56 සේනාංකයේ බළඇණි පුහුණු පාසල පම්පෙමඩු හී ප්‍රධාන උපදේශක ඇතුලු උපදේශකයින්ගේ උපදේශකත්වයෙන් පුහුණුවීම් සිදුකරන ලදි. පාඨමාලා කාලය තුලදි GPS යන්ත්‍ර හැසිරවීම, ආත්මාරක්ෂක සටන් ක්‍රම, අවි රහිත සටන් ක්‍රම, විශේෂ පුද්ගල ආරක්ෂාව , වෙඩි ද්‍රව්‍ය හදුන්වාදීම් හා බිඳ හෙලීම් , අවි හැසිරවීම හා ජීව වෙඩි තැබීම් මෙන්ම යුධ මූලධර්මයන් සහ අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි පිළිබදව ප්‍රායෝගික මෙන්ම න්‍යායාත්මක දැනුම ලබා දීම මේ තුළ වූ විශේෂත්වය විය.

පාඨමාලාව විසිර යෑමේ උත්සවය සදහා ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් සීඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, එහිදි පහත සදහන් විශේෂ කුසලතා සහිත නිළධාරි/ සෙසු නිළයින් මෙහි සහතිකපත් හා කුසලාන පිරිනැමිම එතුමන් සුරතින් සිදු කරන ලදි.

දක්ෂතම නිළධාරියා - නි/71300 කපිතන් කේඩිසීඡේ ඡනසීඩි - 11 ගැහේබ

හොදම ශාරීරික යෝග්‍යතාවයෙන් යුත් සෙබළා - සෙ/එචි101154 පාසෙ ඡයවීර ඡේටීආර් - 2 වීපාරෙ

සෑම අතින්ම අතිශූර සෙබළා - සෙ/480213 කෝප්‍රල් ශාන්ත එමිපිඩිඑන් - 20 ගරෙ

දක්ෂතම වෙඩික්කරු - සෙ/520569 කෝප්‍රල් බංඩාර ආර්එමිසිඑස් ආර්එස්පී - 4 වීපාරෙ

හොදම 8 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායම - 54 සේමු - 2 කණ්ඩය