Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

27th July 2022 00:11:36 Hours

විල්පත්තු විජයතිලක විහාරස්ථානයේ මතකයෙන් බිදක්

විල්පත්තුව, සිහලගම විජයතිලක විහාරය 542 පාබල බළසේනාවේ හිටපු බළසේනාධිපති බ්‍රිගේඩියර් සුරේෂ් පෙරේරා ආර්ඩබිලිවිපි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ සංකල්පයක් මත සැදැහැ සිතින් සිදුකල ආරාධනයකට අනුව තම ආදරණිය දරුවන් සොහොයුරියන්, නෑදෑ හිතමිතුරන්ගේ පෞද්ගලික ධන පරිත්‍යගයෙන් 2020 දෙසැමිබර් මස 06 වන දින මුල්ගල තබමින් ඉදිකිරිමි ආරමිභ කිරිමෙන් පසු ඉදිකල විහාර මන්දිරයල බෝධි ප්‍රකාරය, ඝාණ්ඨාර ස්ථමිභය ආවාස කුටිය සහිත දමිසභා මණ්ඩපය හා ආරක‍ෂක ඇත් පවුර 2021 මැයි මස 26 වන දින 54 පාබල සේනාංකයේ හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ හා 542 පාබල බළසේනාධිපති හිටපු බළසේනාධිපති බ්‍රිගේඩියර් කේඩබිලිවි සුරේෂ් පෙරේරා ආර්ඩබිලිවිපි ජ්යෙපෂ්ඨ නිළධාරි තුමන්ගේ සුරතින් විවෘත කොට සමිබුද්ධ ශාසනය උදෙසා සඟසතුකොට පුජා කරන ලදි.

එම විහාරස්ථානය සඟසතු කිරිමෙන් පසු අඩු පාඩුවක්ව පැවැති චෛත්‍ය රාජයානන් වහන්සේ ඉදිකිරිමි කටයුතු 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යුඩී විජේසේකර ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් පිඑස්සී සහ ආසේමු (බටහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි බ්‍රිගේඩියර් කේ ඩබිලිවි සුරේෂ් පෙරේරා ආර්ඩබිලිවිපි ජ්‍යෙෂ්ඨ නිළධාරින්ගේ සුරතින් 2021.11.07 මුල්ගල්තබා ඉදිකිරිමි කටයුතු ආරමිභ කරන ලදි.

මෙම විහාරස්ථානය පිහිටි ප්‍රදේශයේ වෙසෙන සිංහල, දමිල සහ මුස්ලිමි ජනතාව පන්සලේ කටයුතු වෙනුවෙන් සහජිවනයෙන් යුතුව ලබාදෙනු ලබන දායකත්වය අගය කරනු වස් චෛත්යම රාජයාණන් වහන්සේ ’සුනිවන තමිබපණ්නි සාම චෛත්ය ’ නමින් නමි කර 54 පාබල සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරල් යුඩී විජේසේකර ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි ආර්සීඩිඑස් පිඑස්සී සහ ආසේමු (බටහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි බ්‍රිගේඩියර් කේඩබිලිවිසුරේෂ් පෙරේරා ආර්ඩබිලිවිපි ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සුරතින් 2022.07.13 වන දින විවෘත කර යුද්ධයේදි මියගිය හා ආබාධිතවු විරෝධාර රණවිරුවන්ට පින් පිණිස මෙන්ම විල්පත්තුව සිහලගම බෞද්ධ ජනතාවගේ පහන් සිතුවිලි පුබුදු කර ආධ්යාණත්මික ගුණ වගාව පෝෂණය කරමින් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ පුණර්ජීවනය ඇති කිරිම උදෙසා සැදැහැවත් බෞද්ධයින්ගේ වන්දනීය පුජනිය කටයුතු සදහා සඟසතු කර පුජාකරන ලදි.